සමස්ත ජංගම දුරකථන කර්මාන්ත ව්‍යුහයට චීන සමාගම අතිශය වැදගත් බව අවධාරණය කෙරේ
2023-03-04 17:03:42
Share with:

සමස්ත ජංගම දුරකථන කර්මාන්ත ව්‍යුහයට චීන සමාගම අතිශය වැදගත් බව ගෝලීය ජංගම සංනිවේදන සංගමයේ විශේෂඥයෝ පවසති. ‍ලෝක ජංගම ‍දුරකථන කොංග්‍රසය බාසිලෝනා හිදී පැවැත්වෙන අතරතුර චීනයේ ජංගම දුරකථන සමාගම් දෙකක් ඇමරිකාවේ සීමා පැනවීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අවස්ථාවක එම සමාගම් කොංග්‍රසයට සහභාගීවීමේ වලංගුභාවය ගැන ඇතැම් මාධ්‍ය ප්‍රශ්ණ කළේය.එහිදී අදහස් දැක්වූ එම කොංග්‍රසයේ සංවිධායක, ගෝලීය ජංගම සංනිවේදන සංගමයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ චීනයේ Huawei සහ ZTE සමාගම්වලට පූර්ණ ආකාරයෙන් අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීමට තම සංගමය විසින් අවසර දී ඇති බවයි.

බෙදීමට ලක්ව ඇති භූ දේශපාලනික පරිසරය තුළ ජනතාව ‍ගේ , කර්මාන්තවල සහ සමාජයේ ප්‍රයෝජනය සඳහා තාක්‍ෂණික වර්ධනයන් පෙළගැස්වීම සංගමයක් ලෙසට තම කාර්යභාරය යැයිද හෙතෙම කීය .

චීනය 5G සහ ඒ ආශ්‍රිත යෙදුම්වල ප්‍රමුඛයාය. චීනය වැදගත් වෙළඳපොළක් පමණක් නොව අනාගත ඩිජිටල් ලෝකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව සිතන, සාකච්ඡා කරන සහ අදහස් හුවමාරු කර ගන්නා ආකාරය සම්බන්ධ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ස්ථානයක් යැයි ද ඇය කීවාය. .

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම