Malvinas දූපත් සමූහයේ ආජන්ටිනා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම බ්‍රිතාන්‍යයේ වගකීමක්
2023-03-04 16:23:41
Share with:

2016 දී Malvinas දූපත් සමූහය සම්බන්ධ ආරවුල මත, ආර්ජන්ටිනාව හා බ්‍රිතාන්‍යය අතර "Foradori-Duncan " ගිවිසුමට අත්සන් තැබිණ. ආර්ජන්ටිනා විදේශ ඇමතිවරයා පසුගිය 2වැනිදා පෙන්වා දුන්නේ, මෙම ගිවිසුම අවසන් කිරීමට ආර්ජන්ටිනාව ගත් තීරණය බ්‍රිතාන්‍යයට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි. එසේම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2065ට අනුව, Malvinas දූපත් සමූහයේ ස්වෛරීභාවය පිළිබඳව දෙරට නැවත සාකච්ඡා ආරම්භ කළ යුතු බව, ආර්ජන්ටිනාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටී.

1816 දී ආර්ජන්ටිනාව ස්පාඤ්ඤ යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමේ දී Malvinas දූපත් සමූහයේ ස්වෛරීත්වය හිමිවිය. 1833 දී බ්‍රිතාන්‍යය Malvinas දූපත් සමූහය බලහත්කාරයෙන් අල්ලා ගත්තේය. මෑත වසරවල, Malvinas දූපත් සමූහයේ ස්වෛරීත්වය පිළිබඳ ආරවුල් විසඳීමට දැඩි වෙහෙසක් දරමින් සිටින ආර්ජන්ටිනාව, අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූල වන ලෙසත් නැවත සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසත් නැවත නැවතත් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේය. නමුත් බි‍්‍රතාන්‍යය එය සෑමවිටම ප්‍රතික්ෂේප කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු ජනපද සංවිධානය, චීනය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල්, ආර්ජන්ටිනාව Malvinas දූපත් සමූහයේ ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඒ ඒ පාර්ශ්වයන්ගේ ස්ථිර සහයෝගය නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ.

යටත් විජිත යුගය අවසන් වී ඇත. ආර්ජන්ටිනාවේ සාකච්ඡා ඉල්ලීම්වලට බ්‍රිතාන්‍යය ධනාත්මක ප්‍රතිචාර දැක්විය යුතු අතර,  කඩිනමින් Malvinas දූපත් සමූහය ආර්ජන්ටිනාවට ආපසු භාරදීමට ක්‍රියා කළ යුතුය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම