චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය ඇරඹේ
2023-03-04 19:06:35
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය ආරම්භ වේ.

එම සැසිවාරය අද (4) පස්වරු 3.00ට බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රජයේ නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් වූහ.

ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන එම සැසිවාරයට ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් දේශපාලන උපදේශකයෝ 2169 දෙනෙක් එක් ව සිටිති. මෙවර සැසිවාරයේදී 14වැනි ජාතික කමිටුවේ සභාපති හා උප සභාපති ඇතුළු නායක මණ්ඩලය පත්කර ගැනීමට ද නියමිතය. චීන දේශපාලන, ආර්ථික, සමාජීය ඇතුළු කරුණු රැසක් පිළිබඳ වද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම