14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය හෙ‍ට සිට 13 වෙනිදා දක්වා බෙයිජිංහිදී
2023-03-04 16:53:08
Share with:

14 වන චීන  ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය හෙ‍ට (05) ‍බෙයිජිංහිදී ඇරඹේ.එහි සමාප්තිය ලබන 13 වෙනිදා පෙරවරුවේ සිදුවන බව සැසිවාරයේ ප්‍රකාශන වං චාඕ මහතා පැවසීය. රජයේ කාර්ය වාර්තාව ඇතුළු වාර්තා මාලාවක් සමාලෝචනය කිරීමට අමතරව, සැසිවාර නියෝජිතයින් විසින් නීති සම්පාදන නීතියට සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ රාජ්‍ය මණ්ඩල ආයතන ප්‍රතිසංස්කරණ සැලැස්මක් පිළිබඳව ද සාකච්ඡා කරනු ඇත.රාජ්‍ය ආයතන සාමාජිකයන් තෝරා ගැනීමද එහිදී සිදු කිරීමට නියමිත ය.මහජන කොංග්‍රස නියෝජිතයින් ගේ මැතිවරණය ලොව මහ පරිමාණ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් බව ද සැසිවාර ප්‍රකාශකයා කීය. එය චීනයේ සමස්ත මහජන ප්‍රජාතන්ත්‍රවාදයට මනා සාක්ෂියකි. සැසිවාර නියෝජිතයින් බිම් මට්ටමේ  නියෝජිතයන්ගේ සැලකිය යුතු කොටසක් වන අතර එය පුළුල් නියෝජනයකි. 14 වන චීන  ජාතික මහජන කොංග්‍රසයේ නියෝජතයින් 2977 දෙනා අතරින් 442ක් සුළු ජාතික ජනතාව නියෝජනය කරති. එය සමස්ත නියෝජිත ප්‍රමාණයෙන් සියයට 14.85ක් වන අතර  චීනයේ සුළු ජනවර්ග 55ම ඉන් නියෝජනය කෙරේ. යළි මව්බිමට පැමිණි එතෙර චීන වැසියෝ 42 ‍දෙදෙනෙක් ද  14 වන චීන  ජාතික මහජන කොංග්‍රසයට අයත් වෙති. සමස්ත නියෝජතයින් ගෙන් සියයට 26.54ක් කාන්තාවෝ ය. එම සංඛ්‍යාව 790 දෙනෙකි. 497දෙනෙක් සේවකයෝ සහ ගොවීහූ වෙති.එය සමස්ත නියෝජිත සංඛ්‍යවෙන් සියයට 16.69ක් නියෝජනය කෙරේ.

නියෝජිතයින්ට ජනතාවගේ හඬට සවන් දීමට  සහ දුෂ්කරතා සහ ගැටළු විසඳීමට මෙන්ම ඔවුන්ට උපකාර කළ හැකි වේදිකා වශයෙන් ලක්ෂ දෙකක පමණ නියෝජිත මධ්‍යස්ථාන සහ සම්බන්ධතා කාර්යාල  සියලුම නගර සහ ප්‍රජාවන් ආවරණය වන පරිදි පිහිටුවා  තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම