චීනයේ ෂෙන්චෝ 14 ගගනගාමීන් වෙත අභ්‍යවකාශ සේවා පදක්කම්
2023-03-03 20:22:42
Share with:

චීනයේ ෂෙන්චෝ 14 ගගනගාමීන් වෙත අභ්‍යවකාශ සේවා පදක්කම් පිරිනැමේ.

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ කර්මාන්තයට ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී මණ්ඩලය ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කරමින් මෙම සම්මාන පිරිනැමීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, චීන රාජ්‍ය මණ්ඩලය හා මධ්‍යම යුද කොමිසම තීරණය කළේය. ඒ අනුව ගගනගාමීන් වන Chen Dong හා Liu Yang වෙත අභ්‍යවකාශ සේවා 2 වැනි මට්ටමේ පදක්කම් පිරිනැමෙන අතර ගගනගාමී Cai Xuzhe වෙත වීර ගගනගාමියා යන ගෞරව නාමය හා අභ්‍යවකාශ සේවා 3වැනි මට්ටමේ පදක්කම පිරිනැමේ.

2022 වසරේ ජූනි මස 5 වනදා චීනයේ ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානය සාර්ථකව නිකුත් කෙරිණ. Chen Dong, Liu Yang හා Cai Xuzhe යන ගගනගාමීහූ  සාර්ථකව Tianhe කේන්ද්‍ර මොඩියුලයට ප්‍රවේශ වූහ. ඔවුන් කක්ෂයේ මාස 6ක් රැඳී සිටිමින් අභ්‍යවකාශ විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂණික පර්යේෂණ මාලාවක් සිදු කර තිබේ. ගගනගාමීන් රැගත් ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ කාර්යයන් සාර්ථකව සිදු කිරීමෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පසුකාලීන ගොඩනැගීම් හා මෙහෙයුම් වෙනුවෙන් ස්ථීර පදනමක් ස්ථාපිත කරමින් චීන අභ්‍යවකාශ කර්මාන්තයේ උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණය ස්වෝත්සාහයෙන් සංවර්ධනයේ නව ප්‍රගතියක් සනිටුහන් කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම