දිනෙන් දින වර්ධනය වන ඇමරිකාවේ ළමා ශ්‍රමික අර්බුදය
2023-03-03 21:41:15
Share with:

                 

                 ළමුන් ලෝකයේ බලාපොරොත්තුව හා අනාගතය වේ. එහෙත් මේ මස මුලදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක්සත් ජාතීන් ගේ ළමා අරමුදල ඒකාබද්ධ ව නිකුත් කළ වාර්තාවකින් හෙළි වී ඇත්තේ දිළිඳු ළමුන් තවමත් කැපී පෙනෙන ගැටළුවක් බවයි. ලොව පළමු බලවතා වන ඇමරිකාවේ ළමා ශ්‍රමික ප්‍රශ්නය ඉතා බරපතල වන බව කා‍ගේත් පුදුමයට කරුණකි.

                  පසුගිය දා ඇමරිකාවේ New York Times පුවත්පතේ වාර්තාකරු Hannah Dreyer  එරට ළමා ශ්‍රමිකයන් පිළිබඳ විමර්ශන කිරීමෙන් පසු කියා සිටියේ පසුගිය සියවසේ අතුරුදහන් වීමට තිබූ ළමා ශ්‍රමිකයන් වර්තමානයේ තව තවත් වැඩි වෙමින් ඇති බවයි. දැනට ඇමරිකාවේ ළමා ශ්‍රමිකයන් දහස් ගණනක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බව ඇය සිය විමර්ශන වාර්තාවෙන් හෙළි කර ඇත. ඇමරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2022 මූල්‍ය වර්ෂයේ ඇමරිකාව පුරා සමාගම් 835ක් නීතිවිරෝධී ලෙස ළමා කම්කරුවන් 3,800 කට වඩා සංඛ්‍යාවක් සේවයේ යොදවා ගෙන ඇති අතර එය පෙර වසරට වඩා 1,000කින් වැඩි වී තිබේ. ඇමරිකාවේ ලාභ නොලබන සංවිධානයක් වන " ගොවිපල කම්කරු රැකියා ව්‍යාපෘති පදනම" විසින් සපයන ලද දත්තවලට අනුව, ළමා ශ්‍රමිකයෝ ලක්ෂ 5ත් 8ත් අතර ප්‍රමාණයක් තවමත් ගොවිපලවල වැඩ කරති. එමෙන් ම, Ford, General Motors, Wal-Mart, Whole Foods සහ Target වැනි ඇමරිකාවේ ප්‍රධාන වෙළඳ නාමවල සහ සිල්ලර වෙළඳ සැපයුම් ජාලවල ළමා ශ්‍රමිකයන් සේවය කරන අයුරු දක්නට ඇත. ඇමරිකාවේ ළමා ශ්‍රමිකයන් අනතුරුදායක සේවාවන්හි නිරත වීම තවත් පුදුම සහගත දෙයකි. මස් ඇසුරුම් කම්හල්, ඉදිකිරීම් ස්ථාන හා සත්ව ඝාතකාගාර වැනි ස්ථානවල සංක්‍රමණික ළමා ශ්‍රමිකයන් සිටින බව New York Times පුවත්පත හෙළි කර ඇත.

            

ගුවන් විදුලිය
20230604ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම