“තම අරමුණ කරා යන ගමනේ දී ජනතා අපේක්ෂා ඉටුකිරීම යන මූලික අභිමතාර්ථයෙන් කිසිවිටෙකත් බැහැර නොවන චීනය” - ප්‍රවීණ මාධ්‍යවේදිනී නිමාලි මාකුඹුර
2023-03-03 08:22:53
Share with:

මෑතකාලීනව චීනය අත් කර ගත් සංවර්ධන ජයග්‍රහණ විමසීමේ දී ඒවා පුළුල් ක්ෂේත්‍ර ගණනාවක විහිද පැවතීම සුවිශේෂ බව ප්‍රවීණ මාධ්‍යවේදිනී නිමාලි මාකුඹුර මහත්මිය පවසයි. රටේ සංවර්ධනයට බලපාන සියලු අංශ කෙරෙහි චීන බලධාරීන් දක්වන සියුම් අවධානය ඉන් පිළිබිඹු වන බව ද ඇය කියාසිටී.

චීනයේ අරමුණ අනාගතයට ගැලපෙන රාජ්‍යයක් බිහිකිරීමයි. තමන්ට අනන්‍ය වූ නවීකරණ ක්‍රමවේදයක් ඔස්සේ මෙම අරමුණ කරා යන ගමනේ දී ජනතා අපේක්ෂා ඉටුකිරීම යන මූලික අභිමතාර්ථයෙන් කිසිවිටෙකත් බැහැර නොවීම චීනයේ කැපීපෙනෙන ලක්ෂණයකි. එම පරමාර්ථයෙහි රැඳීසිටිමින් කෘෂිකාර්මික, විද්‍යා හා තාක්ෂණ, ආර්ථික, ජාත්‍යන්තර වෙළඳාම, සන්නිවේදන, ප්‍රවාහන, අභ්‍යවකාශ, විදුලි සංදේශ, නවෝත්පාදන ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගෙන් චීනය අඛණ්ඩව පෙරට යමින් සිටී.

පසුගිය කාලය තුළ හරිත බලශක්ති භාවිතය මැනැවින් ප්‍රවර්ධනය කළ චීනය සමස්ත රටේ විදුලි පරිභෝජනය නැංවීමට ප්‍රශස්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීය. ඒ අනුව මේ වනවිටත් එරට සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 27%ක් විදුලි බලයෙන් සපුරාගැනීම විශේෂත්වයකි. එය, රටක හරිත සංවර්ධනය සහතික කිරීම පිළිබඳ ප්‍රබල සාධකයකි.  එසේම චීනයේ මෙම අගය සමස්ත ලෝකයේ විදුලි පරිභෝජන මට්ටම අභිභවා යාම ද කැපීපෙනේ. පසුගිය වසරේ ආනයන අපනයන වෙළඳාමෙන් මනා ප්‍රගතියක් අත්කර ගැනීමට ද චීනයට හැකිවිය. ඒ, තිරසර ආර්ථික වර්ධනයක් ද පවත්වා ගනිමිනි.

මේ වනවිට චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ද ප්‍රබල ජයග්‍රහණ රැසක් සටහන් කර ඇතැයි ද බව මාකුඹුර මහත්මිය පෙන්වාදෙයි. චීනය අභ්‍යවකාශයට යොමු කළ පර්යේෂණ මොඩියුල භාවිත කරමින් මිනිසාට අතිශය වැදගත්  පර්යේෂණ ගණනාවක් ද එහිදී ක්‍රියාවට නංවා තිබේ. අභ්‍යවකාශයේ දී අභිජනනය කෙරුණු බීජ මගින් අස්වනු වැඩි කරගැනීමේ පරීක්ෂණ මාලාව ඉන් එක් ව්‍යාපෘතියකි.

නවයුගයට ගැලපෙන පැහැදිලි සංවර්ධන මාවත හෙළිකරගත් චීනය නොසැලෙන අධිෂ්ඨානයෙන් පෙරට ගමන් කරමින් සිටින බව ද ප්‍රවීණ මාධ්‍යවේදිනී නිමාලි මාකුඹුර මහත්මිය පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම