චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ න්‍යාය පත්‍රය නිකුත් කෙරේ
2023-03-03 20:03:00
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ න්‍යාය පත්‍රය නිකුත් කෙරේ.

එම සැසිවාරයේ පළමු මාධ්‍ය හමුව අද (3) බෙයිජිංහිදී පැවැත්විණ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය හෙට (4) සිට ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන බව සැසිවාරයේ ප්‍රකාශක Guo Weimin මහතා එහිදී ප්‍රකාශ කළේ ය. සැසිවාරයේ න්‍යාය පත්‍රය පිළිබඳව ඔහු පැහැදිලි කර ඇත.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ කාර්ය වාර්තාවට සහ දේශපාලන උපදේශකයින්ගේ යෝජනාවලට අදාළ කටයුතු පිළිබඳ වාර්තාවට සවන් දී සාකච්ඡා පැවැත්වීම, දේශපාලන උපදේශකයින් 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට එක් වෙමින් රජයේ කාර්ය වාර්තාව ඇතුළු වාර්තා රැසකට සවන් දී අදහස් දැක්වීම, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ප්‍රඥප්ති සංශෝධනය, 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ දේශපාලන යෝජනා හා වාර්තා සමා‍ලෝචනය කර සම්මත කිරීම, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සභාපති, උප සභාපති, මහ ලේකම් හා ස්ථාවර සාමාජිකයන් තෝරාපත් කිරීම, න්‍යාය පත්‍රයට ඇතුළත් බව Guo Weimin මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම