ඇමරිකාවේ දුම්රිය නියාමනය ලිහිල් කිරීමට මූල්‍ය බලපෑම් කළ බවට බ්‍රිතාන්‍යයේ The Guardian පුවත් පත වාර්තා කරයි
2023-03-03 09:43:23
Share with:

දුම්රිය සේවාව කෙරෙහි පවතින නියාමනය ලිහිල් කිරීමට බලපෑම් කිරීම සඳහා, ඇමරිකාවේ දුම්රිය සේවා සමාගම් විසින් ආණ්ඩුවට විශාල වශයෙන් මුදල් ලබා දී ඇතැයි බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කරයි.

එම සමාගම් අතරින්,  Ohio ප්‍රාන්තයේ පසුගිය මාසයේ පීලිපනින ලද විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රිය අයත් වන Norfolk Southern Railway සමාගම ද ඇතුලත් වේ. දුම්රිය සේවාව කෙරෙහි නියාමනය දැඩි කරන ලෙස නැ‍ඟෙන ජන හඬ යටපත් කිරීම සඳහා, එම සමාගම් ෆෙඩරල් නියාමන ආයතන හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමග ස්ථිර ප්‍රතිලාභ බැඳීම් ගොඩනැගීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ඇමරිකාවේ දේශපාලන අරමුදල් නිරීක්ෂණය කරන, නිර්පාක්ෂික සංවිධානයක් වන OpenSecrets නිකුත් කළ දත්තවලට අනුව, වසර 2015ත් 2022ත් අතර කාලය තුළ ඇමරිකානු දුම්රිය සේවා සංගමය ෆෙඩරල් ආණ්ඩුව වෙත බලපෑම් කිරීමට ඇ.ඩො. කෝටි 3.94ක් වියදම් කර ඇත.  Norfolk Southern Railway සහ Union Pacific ඇතුළු සමාගම් දේශපාලන අතපෙවීමට ඩොලර් මිලියන ගණනක් ලබාදී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම