ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කල ඉන්ධන බෙදාහැරීම ඇරඹේ.
2023-03-03 19:54:16
Share with:

මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කල  ඉන්ධන බෙදාහැරීම ඇරඹේ.

එහි නිල උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong  මහතා  සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ත්‍රිකුණාමලය කුච්චවේලි ඉන්ධන පිරිවුම්හලේදී පැවැත්විණ.

ගොවි ජනතාවට චීන රජය විසින් පරිත්‍යාග කල මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර් මිලියන 6.98 කි. ඒ අතරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි පවුල් සඳහා බෙදාදීමට නියමිත ඉන්ධන ලීටර් ප්‍රමාණය ලක්ෂ 03කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ඉන්ධන ලබාගැනීම සඳහා ගොවීන්ට ලබා දුන් කූපන් පත් චීන තානාපතිවරයා හා ආණ්ඩුකාරවරිය විසින් එම ස්ථානයේදී බෙදා දුන්හ.

 

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම