න්‍යෂ්ටික තර්ජන ඇති ලොව විශාලතම ප්‍රභවය ඇමරිකාව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-03-03 19:12:50
Share with:

ඇමරිකාව ඊනියා "චීන න්‍යෂ්ටික තර්ජන න්‍යාය" නැවත නැවතත් උද්දීපනය කිරීම පිළිබඳ, චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, මෙය ඇමරිකාවට සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුලුල් කර ගැනීමට සහ එහි මිලිටරි ආධිපත්‍යය පවත්වා ගැනීමට යොදා ගන්නා නිදහසට කරුණක් පමණක් බවයි.

වාර්තාවලට අනුව, ඇමරිකානු ජනාධිපතිවරයාගේ ස්වදේශීය ආරක්ෂක උපදේශකයා පෙන්වා දුන්නේ, චීනය න්‍යෂ්ටික අවි ගබඩාව අඛණ්ඩව ව්‍යප්ත කිරීම සහ සිවිල් න්‍යෂ්ටික බලය මහා පරිමාණයෙන් යෙදවීම සැලකිල්ලට ගනිමින්, ලෝකය දැනට මුහුණ දී සිටින න්‍යෂ්ටික තර්ජනය අවම කිරීම සඳහා ඇමරිකාව චීනය සමඟ කටයුතු කළ යුතු බවයි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කළේ, චීනය සෑම විටම ආත්මාරක්ෂාව සඳහා න්‍යෂ්ටික උපාය මාර්ගය දැඩිව අනුගමනය කරන අතර, න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි. චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලවේග ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය අවම මට්ටමින් පවත්වා ගෙන යයි.

ලොව පුරා බලවත්ම න්‍යෂ්ටික අවි රාජ්‍යය ලෙස ඇමරිකාව,  මෑත වසරවලදී සිය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ න්‍යෂ්ටික අවිභූමිකාව අඛණ්ඩව ශක්තිමත් කර තිබේ. න්‍යෂ්ටික තර්ජන ඇති ලොව විශාලතම ප්‍රභවය ඇමරිකාව බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම