ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට චීන විදේශ අමාත්‍යවරයා යෝජනා තුනක් ඉදිරිපත් කරයි
2023-03-03 09:23:05
Share with:

ඉන්දියාවේ නවදිල්ලියේ ඊයේ(2) පැවති ජී20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සහභාගී විය. එහිදී හෙතෙම යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. ඉන් පළමු වැන්න “සාර්ව ආර්ථීක ප්‍රතිපත්ති සම්බන්ධීකරණය තහවුරු කරමින් ආහාර හා බලශක්ති සම්පත් සහතික කළ යුතු ය” යන්නයි. දෙවැන්න, “ගෝලීය ආර්ථීක පාලනය සම්පූර්ණ කිරීම වන අතර තුන්වැන්න, ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කළ යුතු ය” යන්න එම යෝජනා ත්‍රිත්වයයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්කය පිළිබඳ නායක සමුළුවට අනුබල දෙන බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. 

ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කළ චීනය දේශපාලන ක්‍රමවේද ඔස්සේ යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා චීනය දරන ස්ථාවරත්වය පිළිබඳ ලේඛන නිකුත් කර ඇත. චීනය සෑම විටම සාමය මගින් විසඳුම් සෙවීම වෙනුවෙන් පෙනී සිටින අතර, රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සහයෝගය ලබා දෙනු ඇත. ඒ සඳහා අර්ථකාරී දායකත්වය ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සඳහන් කළේය. 

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති දෙදින ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ අවසන් විය. එහි සභාපති විසින් රැස්වීමේ සාරාංශය හා අත්පත් කරගත් ජයග්‍රහණ ලේඛනය නිකුත් කර ඇත. සහයෝගිතාව හා බහුපාර්ශ්වවාදය ශක්තිමත් කර ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දෙන ලෙස එම රැස්වීම ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.   

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම