කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරකයන් පිරිස දිවයිනට
2023-03-02 19:00:05
Share with:

COVID-19 වසංගත තත්ත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි  පළමු චීන සංචාරකයින් පිරිස සිය සංචාරය අරඹයි. චීනයේ ග්වන්චෝ නගරයේ සිට 120 දෙනෙකුගෙන් සමන්විත  එම පිරිස ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළට ළඟා වූහ.

චීනයෙන් පිටතට යන කණ්ඩායම් සංචාරකයින් සංවිධානය කිරීම නැවත ආරම්භ කළ පළමු රටවල් 20 ට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය.

මේ අතර මෙම වසරේ පෙබරවාරි මාසය වන විට සංචාරකයින් 107,600 පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙම පැමිණිම ඉකුත් වසරේ පෙබරවාරි  මාසයට සාපේක්ෂව 11.4 %ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම