ආයෝජන තොරතුරු ඩිජිටල්කරණය‍ට ජනපති ‍ගෙන් උපදෙස්
2023-03-02 19:00:57
Share with:

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම