ඇමරිකාව රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීමට සහ විදේශීය සමාගම් අසාධාරණ ලෙස මර්දනය කිරීමට එරෙහිව චීනයේ දැඩි විරෝධය
2023-03-02 19:28:52
Share with:

ඇමරිකානු ‍කොංග්‍රසයේ ‍නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෑතකදී පනතක් සම්මත කරමින්, එරට ජනාධිපති Joe Biden මහතාට TikTok තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ඇමරිකාව රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීමට සහ විදේශීය සමාගම් අසාධාරණ ලෙස මර්දනය කිරීමට, චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි.    

ඇමරිකාව වෙළඳපොල ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මවලට අවංකවම ගරු කළ යුතු බවත්, ලොව පුරා සිටින සමාගම්වලට ඇමරිකාවේ ආයෝජනය කිරීමට සහ ක්‍රියාත්මක වීමට ඇමරිකාව විවෘත හා සාධාරණ පරිසරයක් සහතික කළ  යුතු බවත්, Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම