රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර
2023-03-02 18:59:03
Share with:

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍යවරයා කියා සිටී.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය වැනි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම