ඇමරිකාවෙන් යුරෝපය ආනයනය කරන ස්වභාවික ද්‍රව ගෑස් පසුගිය වසරේ කැපී පෙනෙන ලෙස ඉහළට
2023-03-02 09:55:38
Share with:

යුරෝපය ඇමරිකාවෙන් ආනයනය කරන ස්වභාවික ද්‍රව ගෑස් ප්‍රමාණය පසුගිය වසරේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති කාර්යාංශය පසුගියදා(28) වාර්තාවක් නිකුත් කරමින් අනාවරණය කරයි.

රුසියාවේ ස්වභාවික ගෑස් සඳහා පනවා ඇති සම්බාධක හේතුවෙන් යුරෝපීය රටවල් රුසියාවෙන් ආනයනය කරන මුළු ස්වභාවික ගෑස් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අතර යුරෝපීය රටවල් පසුගිය වසරේ  ආනයනය කළ ස්වභාවික ද්‍රව ගෑස් ප්‍රමාණය ඝන මීටර් බිලියන 66කින් වැඩි වූ අතර ඉන් තුනෙන් දෙකක්ම ඇමරිකාවෙන් ආනයනය කර ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.

යුරෝපයට ස්වභාවික ද්‍රව ගෑස් අපනයනය කිරීමේ ක්‍රියාවලියේ දී ඇමරිකාවේ සෑම විශාල ප්‍රවාහන නෞකාවකටම ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක ලාභ උපයා ගත හැකි බව මීට පෙර මාධ්‍ය අනාවරණය කළේය. ජාත්‍යන්තර බලශක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද ස්වභාවික ගෑස් වෙළඳපොළ විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ ගෝලීය ස්වභාවික ගෑස් අලෙවිය සියයට 5.5කින් පමණ වැඩි වුව ද, ගෝලීය  ස්වාභාවික ද්‍රව ගෑස් අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියන 450ක් දක්වා දෙගුණයකින් වැඩි වී ඇති බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම