චීනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාවය අනාගත අභියෝගවලට මුහුණ දීමේ දී ලෝකයටම වැදගත් බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
2023-03-02 09:27:40
Share with:

සංකීර්ණ ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය හමුවේ චීනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින මිත්‍රශීලී සහයෝගීතාවය දෙපාර්ශ්වයටම පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටත්, අනාගත අභියෝගවලට සාමූහිකව මුහුණ දීම සඳහාත් ප්‍රයෝජනවත් වන බව චීන අගමැති Li Keqiang මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ඊයේ(1) පැවති දුරකථන සංවාදයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

චීනය ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර දකුණු-දකුණු සහයෝගීතාවයේ ක්‍රියාකාරී ප්‍රවර්ධකයෙකු බවත්, උතුරු-දකුණු පාර්ශවයන් අතර පවතින භේදය අවසන් කිරීමට  චීනය කැපවී සිටින බවත් Li Keqiang මහතා එහි දී ප්‍රකාශ කළේය. අඩු ආදායම්ලාභී රටවල ණය අර්බුදයන් විසඳීම සඳහා සියලුම ණය හිමියන්ගේ සහයෝගය අවශ්‍ය වන අතර, අදාළ රටවල ණය ගැටලු විසඳීම සඳහා බහුපාර්ශ්වික රාමුවක් තුළ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය ඉදිරියටත් සූදානම් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, අඩු ආදායම්ලාභී රටවලට ආර්ථික අභියෝග ජය ගැනීමට සහ තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට සහාය වීම සඳහා සාමූහිකව කටයුතු කරන ලෙසත්, සාධාරණ සහභාගීත්වයක් ලබා දෙන ලෙසත් චීනය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය. 

චීනයේ ධනාත්මක සහ සාධනීය ආකල්ප මෙන්ම ණය අර්බුදයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීමට චීනය ගන්නා උත්සාහයන් පිළිබඳව ස්තූතිය පළ කළ ජෝර්ජිවා මහත්මිය මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදීත් චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම