‘විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රිය’ට වඩා ඇමරිකාවේ දේශපාලනය විෂ සහිත ය
2023-03-02 10:30:18
Share with:

මාසයකට පෙර ඇමරිකාවේ Ohio ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය පීලිපැනීමේ අනතුරින් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට බැහැර වූ බවට මාධ්‍ය වාර්තා රැසක් පළවිය. පෙබරවාරි මස අග දී, එරට පරිසර සංරක්ෂණ පරිපාලනයේ අධ්‍යක්ෂ Michael S. Regan මහතා යළිත් අනතුර සිදුවූ පරිශ්‍රයට ගොස්, ප්‍රදේශයේ ජලය හා වායුගෝලය සුරක්ෂිත බව ජනතාව හමුවේ පැවසීය. එහෙත්, ඊට පෙර දිනයේ එම පරිපාලනයේ හිටපු ප්‍රධානි Judith Enke මාධ්‍ය අමතමින් කියාසිටියේ, යම්කිසි බලපෑමක් හේතුවෙන් එහි ජනතාව රෝගවලින් පීඩා විඳිමින් සිටින බව යි. පැහැදිලිවම වායුගෝලයේ හා ජලයේ ගැටළු පවතින බව ද Judith Enke පවසා ඇත.

ඇමරිකානු රජය, සිද්ධිය විමර්ශනය කිරීමේ දී හා විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී පිළිබිඹු කළ වගකීම් විරහිත භාවය එම පරස්පර ප්‍රකාශවලින් මනාව පැහැදිලි වෙයි. මේ වනවිට, එහි ජනතාව අතරින් වැඩි පිරිසක් බ්රොන්කයිටිස් රෝගයට හා වෙනත් රෝගවලට ගොදුරු වී සිටින බව හඳුනාගෙන ඇත. Ohio ප්‍රාන්තයේ ස්වාභාවික සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය 23වැනි දා නිකුත් කළ දත්තවලට අනුව, දුම්රිය පීලිපැනීමේ අනතුරට පසුව, එම ස්ථානය ආශ්‍රිත දූෂිත ජලය හේතුවෙන් මියගොස් ඇති සතුන් සංඛ්‍යාව 44දහසකට ආසන්න ය.

මෙවැනි අවදානම් තත්ත්ව හමුවේ පවා ඇමරිකානු දේශපාලනඥයන් තම වගකීම් පැහැර හැරීම පිළිකුල් සහගත කරුණකි. වත්මන් රජය විපත පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය චෝදනා කළේ ය. ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා නගා ඇත්තේ, අදාළ දුම්රිය සමාගමේ පෙළඹවීම නිසා පසුගිය රජය, දුම්රියෙන් අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා වූ නීති ලිහිල් කළ බව පවසමිනි. දුම්රිය පීලිපැනීමේ අනතුරට දේශපාලනය අනියම් අයුරින් බලපා ඇතැයි The New York Times පුවත්පත වාර්තා කරයි. ඇමරිකානු ‘ප්‍රජාතන්ත්‍රවාදය’ බලය හීනවීමත් සමග, එරට දේශපාලනඥයන් කරන්නේ තම වාසි හඹායාම පමණකි. ජනතාවගේ දුක්පීඩා දුරුකිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම