චීන කොමියුනිස්ට් පක්ෂ අධ්‍යයන ආයතනයේ වසන්ත සමයේ ඉගෙනුම් උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
2023-03-02 12:46:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ අධ්‍යයන ආයතනයේ වසන්ත සමයේ ඉගෙනුම් ආරම්භ වීමේ උත්සවයට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වෙමින් දේශනයක් පවත්වයි.

එහි පුරෝගාමී ආයතනය වන්නේ 1933 වසරේ මාර්තු මස ස්ථාපිත ‍කෙරුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ මාක්ස්වාදී කොමියුනිස්ට් අධ්‍යයන ආයතනයයි. වර්තමානයේ එම ආයතනයේ පක්ෂයේ උසස් නායකයන් හා කැපී පෙනෙන තරුණයන්ට, රජය සතු ව්‍යවසායන්හි ප්‍රධානීන්ට, කෝරළ මට්ටමේ පක්ෂ කමිටුවේ ලේකම්වරුන්ට සහ රජයේ සෙසු ජාතික නායකයන් ඇතුළු පිරිසට අධ්‍යයන පුහුණුව ලබා දීම සිදු කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මතවාදී හා න්‍යායික ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ද එම ආයතනය වැදගත් දායකත්වයක් සපයයි. එම මධ්‍යම කාරක සභාවේ පක්ෂ අධ්‍යයන ආයතනය හැර, සෑම පළාතකම හා එහි සෙසු නගර සහ කෝරළ පක්ෂ කමිටුවල එම ආයතන පිහිටුවා තිබේ.

පක්‍ෂයට අවශ්‍ය කුසලතා පුහුණු කළ යුතු බවත්, පක්ෂය විසඳිය යුතු ප්‍රධාන ගැටලු සඳහා උපදෙස් හා යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් ෂී ජින් පිං මහතා එම ආයතනය ස්ථාපිත කිරීමේ 90වැනි සංවත්සරය සැමරීමේ සමුළුවට සමගාමී ව වසන්ත සමයේ ඉගෙනුම් ආරම්භ වීමේ උත්සවයේදී අවධාරණය කළේය. එම ආයතනය පාක්ෂිකයන්ගේ අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන අතර, එමඟින් ජාතික පුනර්ජීවනය ඉටු කරන දේශපාලන පාලක කණ්ඩායම් පුහුණු කිරීමට ක්‍රියාකාරී දායකත්වය ලබා දිය යුතු බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම