ජනතා අභිමුඛ සංවර්ධන සංකල්පයෙන් බැහැර නොවිය යුතු බව චීනය කියයි
2023-03-02 09:59:00
Share with:

ජනතා අභිමුඛ සංවර්ධන සංකල්පයෙහි එල්බ සිටිය යුතු බව එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජගත් සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත චෙන් ෂූ මහතා අවධාරණය කරයි. 

ඔහු එසේ අදහස් දැක්වූයේ ‘සංවර්ධන අයිති ප්‍රකාශනය’ නිකුත් කිරීමේ 35වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව කවුන්සිලය පැවැත්වූ 52 වැනි උසස් පෙළේ රැස්වීම අමතමිනි. 

අන්සතු කළ නොහැකි මූලික මානව හිමිකමක් වන සංවර්ධන අයිතිය, හිමි විය යුතු මට්ටමේ ඉහළ සැලකිල්ලකට ලක් නොවූ බව චෙන් ෂූ මහතා පෙන්වා දෙයි. ඒකපාර්ශ්වීය සම්බාධක හේතුවෙන්, ඇතැම් රටවල සංවර්ධන අයිතියට බරපතල බලපෑම් එල්ල විය. මානව හිමිකම් කවුන්සිලය, මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ, සංවර්ධන අයිතිය වැදගත් කොට සලකමින්,  ‘සංවර්ධන හිමිකම් ප්‍රකාශනයෙන්’ දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීමට පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම