චීනයේ වර්තමාන තාක්ෂණික දියුණුව එරට ආර්ථික සංවර්ධනයේ නව හැරවුමක්
2023-03-02 09:47:19
Share with:

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ලෝකයම තාක්ෂණික පරිවර්තනයකට යොමු විය. එය මනා‍ව හඳුනාගනිමින් චීනය සිය ආර්ථිකය යාවත්කාලීන කළේය. අද වන විට චීනය අත් කර ගෙන ඇති  තාක්ෂණික දියුණුව එරට ආර්ථික සංවර්ධනයේ නව හැරවුමක් සටහන් කර ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සහය කථිකාචාර්ය ලහිරු ප්‍රනාන්දු  මහතා පවසයි.

නවීන තාක්ෂණික අංග උපාංග බිහි වීමත් සමඟ වර්තමානයේ ජනතාව ඒවාට සමීප වෙමින් සිය එදිනෙදා කාර්යභාරයන් සිදු කරයි. එම ප්‍රවණතාවය පැහැදිලිව හඳුනාගෙන විවිධ මට්ටමේ වෙළඳපොළ වෙත නව්‍යකරණය සමඟ සාර්ථකව ප්‍රවේශ වීමට චීනය සමත් වී ඇත. ඒ වෙනුවෙන් චීන රජයේ නව සංවර්ධන දැක්ම උපකාරී වූ බව ද හෙතෙම කියා සීටී.

නවීකරණය සමඟ සියලු අංශයන් ඒකාබද්ධ කරන නව යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ පවතී. ඒ වෙනුවෙන් වැඩි ආයෝජනයක් කිරීමේ හැකියාව චීනය සතුව ඇත. මේ සියලු අවස්ථාවන් හඳුනාගෙන ඉදිරියට යන ආර්ථිකයක් ලෙස ඉදිරි කාලය චීනයට වඩා වැදගත් වේ. එමෙන්ම ආරම්භ වීම‍ට නියමිත චීන ජාතික මහජන කොංග්‍රසය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව තුළ නවීකරණය වන ආර්ථික සංවර්ධනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බව ද ලහිරු ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම