ඇමරිකානු "නියත හිරිහැර කිරීම" චීන වාණිජ අමාත්‍යංශය දැඩිව හෙළා දකී
2023-03-02 10:31:26
Share with:

ඇමරිකාව විසින් නිකුත් කරන ලද ‘2022කේ චීනය ලෝක වෙළඳ සංවිධානයට එක්වීමේ පොරොන්දුව ඉටු කිරීමේ තත්ත්වය පිළිබඳ වාර්තාව’ට චීනය දැඩිව විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.  ඇමරිකාවේ ඒකපාර්ශ්වික චින්තනය සහ නියත හිරිහැර කිරීම් සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන බවද චීන වාණිජ අමාත්‍යංශයේ නිලධාරියෙක් ඊයේ(01) පැවසීය.

ලෝක වෙළඳ සංවිධානයේ කාර්යභාරයන් ඉටු කිරීමේදී චීනයේ විශිෂ්ට ජයග්‍රහණ ඇමරිකාව නොසලකා හැර තිබේ. චීන වෙළඳපොල ආර්ථික සංවර්ධනය විකෘති කර, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහ ගෝලීය ආර්ථික සංවර්ධනයට චීනය දක්වන දායකත්වය ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය. 

ඇමරිකාව ලෝක වෙ‍ළඳ සංවිධානයේ සෙසු සාමාජිකයින් විනිශ්චය කර ඇත්තේ ‘ඇමරිකානු වෙළඳපොල ආර්ථිකය ඇගයීමේ උපමානයන්’ට අනුව බවත් එහි නිසි නිර්ණායක හෝ සත්‍ය පදනමක් නොමැති බවත් හෙතෙම පැවසීය. 

කෙසේ වුවද සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට මෙන්ම විශේෂයෙන් ඌන සංවර්ධිත රටවලට ද බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට ඒකාබද්ධ වීමට චීනයේ විවෘතභාවය සැබෑ උපකාරයකි. එබැවින් චීනයේ ඉහළ මට්ටමේ විවෘත කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් පුළුල් ලෙස පිළිගෙන ඇතැයි ද චීන වාණිජ අමාත්‍යංශයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම