නයිජීරියා නව රජය සමග දෙරටේ සබඳතා ප්‍රවර්ධනයට චීනය සූදානම්
2023-03-02 19:02:35
Share with:

නයිජීරියා නව රජය සමග දෙරටේ සබඳතා ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්ත දක්වයි.

නයිජීරියා ජාතික ස්වාධීන මැතිවරණ කමිටුව ඊයේ(1) ප්‍රකාශ කළේ ඡන්ද මිලියන8.8ක් ලබා ගත් ජනාධිපති අපේක්ෂක Bola Tinubu මහතා මැතිවරණයේ ජයග්‍රහණය ලබා ගෙන ඇති බවයි. චීන විදේශ අමාත්‍යංශ  ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ Bola Tinubu මහතා නයිජීරියා ජනාධිපති ධූරය තේරී පත්වීම පිළිබඳ චීනය සුභපැතුම් පිරිනමන බවයි. Bola Tinubu මහතාගේ නායකත්වය යටතේ නයිජීරියාව අඛණ්ඩව වර්ධන ජයග්‍රහණ අත්පත් කර ගනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි. නයිජීරියාව, චීනයට අප්‍රිකාවේ වැදගත් උපාය මාර්ගික හවුල්කාරී රටකි. මෑත වසර කිහිපය තුළ දෙරටේ සබඳතාව වේගවත්ව වර්ධනය වෙමින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා වල සරු ප්‍රතිඵල ලබා ගෙන ඇති බව ද Mao Ning මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම