චීන-කොට් ඩිවොයෙරේ රාජ්‍ය තාන්‍ත්‍රික සම්බන්ධතා පිහිටුවීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන්ගෙන් සුභ පැතුම්
2023-03-02 11:33:24
Share with:

චීන-කොට් ඩිවොයෙරේ රාජ්‍ය තාන්‍ත්‍රික සම්බන්ධතා පිහිටුවීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කොට් ඩිවොයෙරේ ජනාධිපති Alassane Ouattara මහතා සුභ පැතුම් හුවමාරු කර ගනිති.

 චීනය හා කොට් ඩිවොයෙරේ දේශය ගෙවී ගිය දශක හතර තුළ සංවර්ධන මාර්ගයේ එක්ව ගමන් කිරීමේ දී සෑම විටම අවංක හා මිත්‍රශීලි මිතුරන් මෙන්ම වැදගත් හවුල්කරුවන් වූ බව ෂී ජින්පිං මහතා සිය සුභ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කළේය. 

ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නව ප්‍රවේශයකට ඔසවා තබමින් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීම උදෙසා Alassane Ouattara ජනාධිපතිවරයා සමඟ එක්ව අන්‍යෝන්‍ය සහයෝගය හා සර්ව කාලීන සහයෝගීතාවය ශක්තිමත් කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු කියා සිටියේය.

තම රටේ යටිතල පහසුකම් හා බලශක්ති යන ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බව  කොට් ‍ඩිවොයෙරේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. දෙරටේ මිත්‍රශීලී සහයෝගීතාවය, සමීප හුවමාරු සහ ඵලදායී ප්‍රතිලාභ සහිත නව යුගයකට ප්‍රවේශ වීම සඳහා චීනය සමග පවතින සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීමට තම පාර්ශවය බලාපොරොත්තුවෙන් සිටින බව ද Alassane Ouattara මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය . 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම