චීන ජනාධිපතිවරයා ගෙන් වියට්නාම නව ජනාධිපතිවරයාට සුභ පැතුම්
2023-03-02 20:21:30
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම නව ජනාධිපති Võ Văn Thưởng මහතා වෙත සුභ පැතුම් පිරිනමයි.

පසුගිය වසරේ සිට, තමා සහ වියට්නාමයේ ප්‍රධාන ලේකම් Nguyễn Phú Trọng මහතා අතර, සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව ගැඹුරු කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට එළඹ ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

චීන-වියට්නාම සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන බවද චීන ජනාධිපතිවරයා අද (2) දා යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. ජනාධිපති Võ Văn Thưởng මහතා සමඟ, ද්විපාර්ශ්වික සබඳතාවල තිරසර, හිතකර සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය‍ට එක්ව උත්සාහ දැරීමට, තමා කැමැත්තෙන් සිටින බවද, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම