ලෝකය සමග සංවර්ධන අවස්ථා අඛණ්ඩව බෙදාගන්නා බව චීනය පවසයි
2023-03-01 20:05:53
Share with:

ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ අධිෂ්ඨානය වෙනස් නොකරන බව චීනය පවසයි.

අදාළ වාර්තාවන්ට අනුව පාශ්චාත් වසංගත සමයේ චීන ආර්ථික වර්ධනය වීමේ අපේක්ෂාව මත බොහෝ ඇමරිකා ව්‍යවසායන් චීනයේ සිය මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටී. දකුණු චීනයේ ඇමරිකා වාණිජ මණ්ඩලය මෑතකදී 2023 වසරේ චීන ව්‍යාපාරික පරිසරය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කළේය. එම ධවල පත්‍රිකාවට අනුව සියයට 90ක ව්‍යාවසායන් චීනය වැදගත්ම ආයෝජන ගමනාන්ත වලින් එකක් ලෙස සලකන අතර සියයට 75ක ව්‍යාවසායන් මේ වසරේ යළි චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුව ද උසස් මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීමේ හා ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ අධිෂ්ඨානය චීනය වෙනස් නොකරන බවයි.‍‍‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම