චීනයේ නූතන වෙළඳ පොළ විවෘත කරදීම ගෝලීය ආර්ථික ජයග්‍රහණයට හේතුවක්
2023-03-01 09:08:11
Share with:

චීන සංස්කෘතියේ පවතින විශිෂ්ටත්වය හා සමානව චීන ආර්ථිකයද ලෝකයට ඉහළම වටිනාකමක් එක් කර තිබෙන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතා පවසයි. ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාව බොහෝ ඈතක පටන් සිදුවන්නක් වන අතර චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ඉතා ඉහළ වටිනාකමක් එක් කර තිබේ.

ලෝකයේ සෙසු රටවල් දෙස බලන විට චීනය ඉතාමත් ඉහළ ආර්ථික, සාමාජික සහ සංස්කෘතික පසුබිමක වර්තමානයේ පසුවේ. එදා පටන් චීනයේ විශිෂ්ට සංස්කෘතිය, ඔවුන්ගේ කලා ශිල්ප, රංගනය, නාට්‍යකරණය, ගෘහ නිර්මාණ ශිල්ප මෙන්ම මංමාවත් ඉදිකිරීම්, නූතන වෙළඳ පොළ ජයග්‍රහණ හා මුළු ලෝකයේම වෙළඳ පොළ ජයග්‍රහණ අත්පත් කර ගැනීම ආදිය දෙස විමසිලිමත් වීමේදී ලෝකයේ සෑම රටකටම චීනයෙන් ආදර්ශ ගත හැකි බවද අතුල රන්සිරිලාල් මහතා කියා සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම චීන පාලන ක්‍රමයේ සුවිශේෂී අනන්‍යතා හේතුවෙන් චීන ආර්ථික සැලසුම් සහ සංවර්ධන ක්‍රියාදාමයන් අඛණ්ඩව වසරින් වසර සාර්ථකව දියත් කෙරෙන බව පෙනේ. මේ නිසා සමස්ත චීන ජනතාවට එම චීන ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ අත් විඳීමට අවස්ථාව උදාවී තිබේ. එය චීනයට පමණක් පොදු නොවී සමස්ත ලෝකයටම එම ප්‍රතිලාභ අත්පත් කර දීමට චීනය දරන උත්සාහය සැබැවින්ම අගය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

අප කුඩා අවධියේ පටන් පුදුම කළ ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය අති විශිෂ්ට නිර්මාණශීලි සංඛ්‍යාතයකි. එවැනි චීනය අද වන විට ලෝකයේ ප්‍රමුඛම ආර්ථිකය හිමි රට බවට පත් වෙමින් තිබේ. එය ඉතා සුබවාදී ලක්ෂණයක් බැවින් එයින් අපට ගත යුතු ආදර්ශ මෙන්ම උපකාරද බොහෝ ඇත. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම නොයෙක් අප වැනි සෙසු රටවලටද සහයෝගය ලබාදෙන චීනය පිළිබඳව සතුටට සහ ආඩම්බරයට පත් විය හැකිය. චීන රජයටත් චීන ජනතාවටත් සුබ පැතුම් මේ සමග පිරිනමන බවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම