සංචාරකයන්‍ ගේ ආරක්ෂාවට විශේෂ පොලිස් බලකායක්
2023-03-01 16:43:18
Share with:



සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්හි දී ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බලකායක් පිහිටුවීමට තීරණය කෙරේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වූ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණ.

මෙහි දී අමාත්‍යංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව වූ වාර්තාවක් අමාත්‍යවරුන් දෙපළට ලබාදීමටත් තීරණය කෙරිණ.

සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම , සංචාරක කර්මාන්තය සඳහා වූ නව නීති සම්පාදනය, සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්හි දී ක්ෂනිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බලකායක් පිහිටුවීම ඇතුළු තීන්දු රැසකට මෙම සාකච්ඡාවේ දී එළඹ තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම