සයිප්‍රසයේ නව ජනාධිපතිවරයාට චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගෙන් සුභ පැතුම්
2023-03-01 09:35:22
Share with:

සයිප්‍රසයේ ජනාධිපති ධූරයට පත්ව සිටින Nikos Christodoulides මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුභ පැතුම් පිරිනමයි.

චීන සයිප්‍රස් මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් දෙරටේ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉහළ මට්ටමකින් වර්ධනය වෙමින් පවතින බවත් ෂී ජින්පිං මහතා අද(1) යොමු කළ සුභ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත. ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් වූ අතර විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධතා හා සහයෝගීතාවය ද දිනෙන් දින වර්ධනය වී තිබේ. සයිප්‍රසය සමඟ පවතින සම්බන්ධතාවය තමා බෙහෙවින් අගය කරන බව ෂී ජින්පිං මහතා කියා සිටී. දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමටත් උපායමාර්ගික හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමටත්, Nikos Christodoulides ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට තමා කැමැත්‍‍‍තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම