ඇමරිකාව තායිවානය සම්බන්ධයෙන් ලෝකය නොමග යැවීම නතර කළ යුතු බව අවධාරණය කෙරේ
2023-03-01 17:16:30
Share with:

ඇමරිකාව තායිවානය සම්බන්ධයෙන් ලෝකය නොමග නොයවා  අවුල් සහගත තත්ත්වයන් වැපිරීම නතර කළ යුතු බව අවධාරණය කෙරේ.තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. ඇමරිකාව විවිධ උපක්‍රම භාවිත කිරීම නතර කර තායිවානය සම්බන්ධයෙන් ලෝකය නොමඟ යැවීමට උත්සාහ කිරීම නතර කිරීමට කාලය එළඹ  ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නින් මහත්මිය සඳහන් කරයි .

ඇමරිකාව සිය ගමන් මග වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර එම වැරදි මාර්ගයේ අඛණ්ඩ ගමන් කළ හොත්, සැබෑ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති අතර ඉන් ඇමරිකාවට විශාල පිරිවැයක් දැරීමට ද සිදුවනු ඇති බව ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තායිවානය සම්බන්ධයෙන් මෑතකදී දැක්වූ  වැරදි ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඇය අවධාරණය කළාය.

ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත සහ නිර්රථක ප්‍රකාශයන් බව ඇය කියා සිටී.

චීනය එම ප්‍රකාශයන්ට  දැඩි ලෙස විරුද්ධය. තායිවානය චීනයේ වෙන් කළ නොහැකි කොටසකි. එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර සබඳතාවල විශ්ව සම්මත පිළිගැනීමක්  වන අතර එය ලෝකයේ රටවල් සමඟ චීනය පවත්වන  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් දේශපාලන පූර්ව අවශ්‍යතාවක් සහ පදනමක් යැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව අවධාරණය කළාය.චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට බාහිර බලවේගයන්ට කිසිසේත් ඉඩ නොදෙන බවද ඇය   වැඩිදුරයත් පැවසුවාය.‍‍

 

 

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම