ලෝක වෙළඳ සංවිධානයේ පැවැත්මට යළිත් ඇමරිකාවෙන් බාධා
2023-03-01 12:16:58
Share with:

පසුගිය 27වැනි දා ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ ආයතනය නිත්‍ය රැස්වීමක් පැවැත්වීය. එහිදී අභියාචනා මණ්ඩලයේ නව විනිසුරු මඬුල්ල තෝරාගැනීමේ ක්‍රියාපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳ යෝජනාවට ඇමරිකාව අකමැත්ත පළකළේ තම  ‘නිෂේධ බලය’ භාවිත කරමිනි.

මෙම යෝජනාව, ලෝක වෙළඳ සංවිධානයට අයත් සාමාජිකයන් 127 කගේ පොදු ප්‍රයත්නයකි. එහෙත්, ඊට මෙසේ බාධා එල්ල වී ඇත්තේ 63වැනි වරටයි. ආරවුල් විසඳීමේ ක්‍රමවේදය යනු ලෝක වෙළඳ සංවිධානයේ අතිශය වැදගත් යාන්ත්‍රණයකි. අභියාචනා මණ්ඩලය, ලෝක වෙළඳාම පිළිබඳ ‘ශ්‍රේෂ්ඨාධිකරණය’ ලෙස හැඳින්වෙයි. එමගින් නිකුත් කෙරෙන වාර්තාව ‘අවසාන විභාගය’ ලෙස පූර්ණ බලසහිතව අනිවාර්ය වෙයි. අභියාචනා මණ්ඩලය නිත්‍ය විනිශ්චයකරුවන් 7 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය අවම විනිසුරුවරුන් සංඛ්‍යාව 3 කි. ඉකුත් වසරවල ඇමරිකානු රජය නව විනිශ්චයකරුවන් තෝරා පත්කිරීම අඛණ්ඩ ව අවහිර කිරීම නිසා 2019 වසරේ දෙසැම්බර් මාසය වනවිට, එහි ඉතිරි ව සිටියේ එක් විනිශ්චයකරුවෙකු පමණකි. එම මණ්ඩලය අත්හිටුවීම, ලෝක වෙළඳ සංවිධානය ස්ථාපනය කිරීමෙන් පසු මුහුණ දුන් විශාලතම අර්බුදය වේ. ඇමරිකාව අභියාචනා මණ්ඩලයට යළි බාධාකිරීම, ඒකපාර්ශ්වවාදය මෙන් ම ගෝලීය වෙළඳ ක්ෂේත්‍රයේ තම දාමරිකභාවය තහවුරු කරගැනීමේ  ප්‍රයත්නයකි.

ජාත්‍යන්තර නීති පද්ධතියක් යනු ඇමරිකාවේ පෞද්ගලික රෙගුලාසි මාලාවක් නොවේ. ගෝලීයකරණය හා බහුධ්‍රැවීකරණය යටතේ, ඇමරිකාවට අත්තනෝමතිකව ක්‍රියා කළ නොහැකි ය. ලෝක වෙළඳ සංවිධානයේ පැවැත්මට මෙසේ ආත්මාර්ථකාමීව බාධා කිරීමෙන් තමා ද පීඩාවට පත්වන බව ඇමරිකාව නුදුරේ දීම  ප්‍රත්‍යක්ෂ කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම