චීන කොමියුනිස්ට් පක්ෂ අධ්‍යයන ආයතනය වඩාත් කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන ජනාධිපති වරයා අවධාරණය කරයි
2023-03-01 19:01:56
Share with:

               චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ අධ්‍යයන ආයතනය වඩාත් කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් , ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

               අද (1) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ අධ්‍යයන ආයතනය ස්ථාපිත කිරීමේ 90වැනි සංවත්සරය සැමරීමේ සමුළුව පැවැත්විණ. ඊට සමගාමී ව එම අධ්‍යයන ආයතනයේ වසන්ත වාරයේ ඉගෙනුම් ආරම්භ වීමේ උත්සවය ද පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් , ජනාධිපති ෂී ජින් පිං මහතා එම අවස්ථාවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. පක්ෂය වෙනුවෙන් ප්‍රවීණයන් බිහි කිරීම සහ පක්ෂ සංවර්ධනය වෙනුවෙන් මතවාද සකස් කිරීම, පක්ෂ අධ්‍යයන ආයතනයේ ප්‍රමුඛ කාර්යයන් දෙක බව හෙතෙම එහිදී කියා සිටියේ ය. චීන කොමියුනිස්ට් පක්ෂය වඩාත් ඉදිරියට යාමට නම් දේශපාලනික වශයෙන් පරිණත වන පක්ෂ ප්‍රවීණයන් අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ ගුණ හා න්‍යායික වගාව සඳහා පක්ෂ අධ්‍යයන ආයතනයට වගකීම් පැවරේ. පක්ෂ සංවර්ධනය හා රාජ්‍ය පරිපාලනය වෙනුවෙන් න්‍යායික වශයෙන් පක්ෂ අධ්‍යයන ආයතනය වග කියන බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. පක්ෂ අධ්‍යයන ආයතනයට චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය හිමි විය යුතු බව ද හෙතෙම සිය දේශනයෙන් අවධාරණය කළේ ය.            

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම