ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය
2023-03-01 16:52:11
Share with:

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකුව පවසයි.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ හ.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ෂණයකට ලක් කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතයෝ සිය අදහස් දැක්වූහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම