උද්ධමනය අඛණ්ඩව පහළට
2023-03-01 16:47:57
Share with:

උද්ධමනය අඛණ්ඩව පහළ යයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගොස් තිබේ. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජනවාරි මාසයේ පැවති සියයට 60.0හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 54.4 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජනවාරි මාසයේ පැවති සියයට 47.9හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 48.8 දක්වා ඉහළ ගොස් තිබේ. 2023 පෙබරවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.47ක් ලෙස වාර්තා විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම