රුසියානු ජනාධිපතිවරයා“නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම”ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නීතියට අත්සන් තබයි
2023-03-01 09:14:46
Share with:

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා ඊයේ (28) “නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම”ක්‍රියාත්මක කිරීම රුසියාව විසින් අත්හිටුවීම පිළිබඳ නීතිය අත්සන් කළේය. රුසියානු නීති තොරතුරු වෙබ් අඩවියට අනුව, “නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම” ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම නිල නිවේදනය නිකුත් කරන දින සිට ක්‍රියාත්මක වන අතර එය නැවත ක්‍රියාත්මක කරන්නේ කවදාද යන්න රුසියානු ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇත.

“නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම” 2010 වසරේ දී රුසියාව සහ ඇමරිකාව විසින් අත්සන් කරන ලද අතර 2011 වසරේ පෙබරවාරි මාසයේ 5 වැනිදා සිට එය බලාත්මක විය. රුසියානු-ඇමරිකානු "අතරමැදි පරාසයේ න්‍යෂ්ටික බලකා ගිවිසුම" 2019 වසරේ දී අවලංගු වීමෙන් පසු, මෙම ගිවිසුම දෙරට අතර එකම ආයුධ පාලන ගිවිසුම බවට පත් විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම