චීන ජනපති හා බෙලාරුස් ජනපති අතර සාකච්ඡා
2023-03-01 20:53:28
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(1) බෙයිජිං මහාජන ශාලාවේ දී, නිල සංචාරයක් සඳහා පැමිණි බෙලාරුස් රාජ්‍යයේ ජනාධිපති Alexander Grigoryevich Lukashenko මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන-බෙලාරුස් මිත්‍රත්වය නොබිඳෙන මිත්‍රත්වයක් බවයි. තායිවානය, ෂින්ජියැන්ග්, හොංකොං සහ මානව හිමිකම් සම්බන්ධ ගැටළුවලදී, බෙලරුස් රාජ්‍යය චීනයේ නීත්‍යනුකූල ස්ථාවරයට සහාය දැක්වීම චීනය ඉහළින් අගය කරයි. බෙලාරුස් පාර්ශ්වය සමඟ, ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකින් මනාව සහ ස්ථාවර වර්ධනයකින් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව උත්සාහ දැරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

බෙලාරුස් රාජ්‍යය සෑම විටම චීනය සමඟ ස්ථිරව සිටින  බව Alexander Grigoryevich Lukashenko මහතා එහිදී පැවසීය. චීනයට සිය මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට බෙලරුස් රාජ්‍යය දැඩි ලෙස සහාය දක්වයි. විද්‍යා තාක්ෂණ, කර්මාන්ත, කෘෂිකර්මය සහ සංචාරක වැනි ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට, තම රට කැමැත්තෙන් සිටින බවද, Alexander Grigoryevich Lukashenko මහතා එහිදී කියා සිටියේ ය.

යුක්රේන අර්බුදය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ද දෙ රටේ නායකයෝ  අදහස් හුවමාරු කර ගත්හ.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයේ හරය වන්නේ සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් ‍කළේ ය.

Alexander Grigoryevich Lukashenko මහතා පෙන්වා දුන්නේ, බෙලරුස් රාජ්‍යය චීනයේ ස්ථාවරයට සම්පූර්ණයෙන්ම එකඟ වන අතරම ඊට  සහාය දක්වන බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම