ඇමරිකාව චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව මඩ ගැසීම නැවත්විය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-03-01 19:11:57
Share with:

ඇමරිකානු ‍කොංග්‍රසයේ ‍නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ චීනය පිළිබඳ විශේෂ කමිටුව මෑතකදී ඊනියා "චීන කොමියුනිස්ට් පක්ෂය ඇමරිකාවට තර්ජනයක්" සම්බන්ධයෙන් සවන්දීමේ සැසියක්  පැවැත්වීය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, අදාළ ඇමරිකානු ආයතන සහ පිරිස් මතවාදී අගතිය සහ සීතල යුධ මානසිකත්වය අත්හැරිය යුතු බවයි. චීනය සහ චීන-ඇමරිකා සබඳතා වෛෂයිකව සහ තාර්කිකව බැලිය යුතුය.

ඇමරිකා පාර්ශ්වය අසත්‍ය තොරතුරු මත පදනම්ව "චීන තර්ජන න්‍යාය" පතුරුවා හැරීම නතර කළ යුතු අතර, චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව මඩ ගැසීම් ද නතර කළ යුතු ය. දේශපාලන ස්වාර්ථය සඳහා චීන-ඇමරිකා සබඳතාවන්ට හානි කිරීම නතර කරන ලෙසට, චීනය ඉල්ලා සිටින බව ද, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම