සිරියාවට එරෙහිව පනවා ඇති නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම සහ කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී.
ඊයේ (28) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය දූත කණ්ඩායමේ නියෝජ්‍ය Dai Bing මහතා එම ඉල්ලීම සිදු කළේය.
වසර ගණනාවක් නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක, සිරියාවේ ආර්ථිකයේ සහ ජනතාවගේ ජීවනෝපායේ අර්බුද දැඩි ලෙස උග්‍ර කර ඇති බවත්, එය විපත්වලට සටන් කිරීමේ සිරියානු හැකියාව බෙහෙවින් දුර්වල කර ඇති බවත් Dai Bing මහතා පැවසීය.
සිරියාවේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන ලෙස චීනය ඉල්ලා සිටින බව හෙතෙම කීය. විදේශීය හමුදා සිරියාව තුළ නීතිවිරෝධීව රැඳී සිටීම හා හමුදා මෙහෙයුම් අවසන් කළ යුතු අතර, සිරියාවේ ස්වභාවික සම්පත් කෙරෙහි සිදු කරන නීති විරෝධී කොල්ලකෑම වහාම නතර කළ යුතු බව Dai Bing මහතා අවධාරණය කළේය.