6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වන ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රකාශයට පත්කෙරේ
2023-03-01 12:36:18
Share with:

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වන ගැනුම්කරුවන් පළමු කණ්ඩායමේ අභිප්‍රායන් හා ඉල්ලීම් නිකුත් කෙරේ.

එය අද (1) නිකුත් කෙරිණ. ප්‍රදර්ශනයේ ප්‍රධාන ක්ෂේත්‍ර 6 ම ආවරණය වන ලෙස ඉදිරිපත් කර ඇති එම ඉල්ලීම්වලට කාණ්ඩ 26ක් සහ නිෂ්පාදන වර්ග 100ක් ඇතුළත් වේ. ශල්‍යකර්ම සඳහා රොබෝවරු, නව බලශක්ති වාහන නිෂ්පාදන උපකරණ, අර්ධ සන්නායක උපාංග යනාදී අධි හා නව තාක්ෂණික නිපැයුම් පමණක් නොව, සාමාන්‍ය ජනතා පරිභෝජනයට අදාළ නැවුම් ආහාර, විලාසිතා බෑග් සහ එළිමහන් නිෂ්පාදන ද ඊට ඇතුළත්ය.

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් මස 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ශංහයි නගරයේ දී පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම