“ශීඝ්‍ර සංවර්ධනය පිළිබඳ ප්‍රශස්තතම ආදර්ශනය ලොවට රැගෙන ආවේ චීනය යි” - ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ
2023-02-28 09:07:12
Share with:

මෑතකාලීන ලෝකයේ ශීඝ්‍ර සංවර්ධනය පිළිබඳ ප්‍රශස්තතම ආදර්ශනය ලොවට ඉදිරිපත් කළේ චීනය බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා කියාසිටී. පෙර කිසිදා නොවූ තරම්, අතිශය අභියෝග පිරි සමයක ඔවුන් සාක්ෂාත් කළ සංවර්ධනය ප්‍රායෝගික උපායමාර්ගයන් හි සාර්ථකත්වයත්, ඉවසීමත් මනාව පිළිබිඹු කරන බව ඔහු පෙන්වාදෙයි.

කොරොනා වසංගතය ආරම්භ වී තුන් වසරකට ආසන්න කාලයක් තිස්සේ චීනය වසංගත පාලනයත්, සංවර්ධනයත් සමගාමීව පවත්වාගෙන යාමට මනා ප්‍රයත්න දැරූ බව සමස්ත ලෝකයම දන්නා කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා ‘ලෝක ආර්ථික දැක්ම’ප්‍රකාශය නිකුත් කරමින්,  2023 වසරේ චීනයේ ආර්ථික වර්ධනය 5.2% ක් වනු ඇති බවට පුරෝකථනය කිරීම චීනයේ විශිෂ්ට සාර්ථකත්වය මැනැවින් සනාථ කර ඇත. එසේම ඉකුත් වසරේ චීනයේ ආනයන හා අපනයන වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 42 ඉක්මවීය. චීන සංවර්ධනයේ මෙම තිරසර බව ගෝලීය සංවර්ධනයට සාධනීය බලපෑමක් එල්ල කරන බව ජගත් විශ්ලේෂකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ තිබේ.

කෙතරම් පසුගාමී තත්ත්ව හමුවේ වුව ද චීනය තම නිෂ්පාදන ඉලක්ක අතනොහැරීම අතිශය ප්‍රශංසනීය  බව ද නම්මුනිගේ මහතා පෙන්වාදෙයි. චීනයේ මෙවරත් වාර්ෂික ධාන්‍ය අස්වැන්න ටොන් මිලියන 650 ඉක්මවා තිබිණ. අඛණ්ඩ වසර 7 ක් තිස්සේ මෙම වාර්තාවට චීනය හිමිකම් කීම සුවිශේෂ සිද්ධියක් වන්නේ, වසංගතය රටේ සියලු කාර්යයන්ට බලපා තිබියදීත්, චීන බලධාරීන් බෝග වගා ක්ෂේත්‍රය කෙරෙහි දක්වා ඇති සියුම් අවධානය කෙතරම් ද යන්න මින් මනාව පැහැදිලි වන නිසාය.

චීන බලධාරීන්ගේ දූරදර්ශී සංවර්ධන සැලසුම් හා ප්‍රයත්න චීනය අනාගතවාදී රටක් බවට පත්කර ඇතැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම