මේ වසර තුළ ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය පිරිස දිනකට 100 ඉක්මවයි
2023-02-28 09:51:12
Share with:

ඇමරිකාව යළිත් “ප්‍රචණ්ඩ සති අන්තය”කට මුහුණ දෙයි. මේ වසර තුළ ඇමරිකාවේ දිනකට සියයකට අධික පිරිසක් තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගොස් ඇතැයි එර‍ට Fox News වෙබ් අඩවිය පසුගිය 26 වැනිදා වාර්තා කළේය.

එම වාර්තාවට අනුව, පසුගිය 25 සහ 26 යන දෙදින තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 9 දෙනෙක් මිය ගියහ. ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩ ලේඛණය පිළිබඳ වෙබ් අඩවියේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා, තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් ඇමරිකාව තුළ මියගිය පිරිස  6000ක් පමණ වෙති. තරුණයෝ 227 දෙනෙක් සහ ළමුන් 36 ක් ඒ අතර වූහ. මේ හේතුවෙන් දිනකට ඇමරිකාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 116ක් බව එම වාර්තාව පෙන්වා දෙයි. 

තුවක්කු ප්‍රචණ්ඩ සිද්ධිය පිළිගත නොහැකි බව Minnesota ප්‍රාන්තයේ අණ්ඩුකාර Timothy James Walz සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි පවසා ඇත. Sao Paulo නගරයේ නගරාධිපති Melvin Carter පැවසුවේ නිතර සිදුවන ප්‍රචණ්ඩ සිද්ධි පිළිබඳව තමන් කෝපයට පත් වන බවයි. "එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අස්ථිර හැඟීම හද කම්පා කරවන බව " හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම