නේටෝ සංවිධානය යුක්රේනයට අවි ලබා දීමට එරෙහිව යුරෝපා රටවල් රැසක ජනතා විරෝධතා
2023-02-28 09:26:18
Share with:

නේටෝ සංවිධානය යුක්රේනයට ආයුධ සැපයීමට එරෙහිව යුරෝපා රටවල් රැසක ජනතාව විරුද්ධත්වය ප්‍රකාශ කරති.

පසුගිය පෙබරවාරි මාසයේ හටගත් රුසියා-යුක්රේන ගැටුම වසරකට වැඩි කාලයක සිට පැතිර යයි. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයේ සාමාජික රටවල් යුක්රේනයට අඛණ්ඩව යුධ සහාය ලබා දී තිබේ. එයින් දෙරට අතර ගැටුම උග්‍ර වී ඇති අතර එය බොහෝ රටවල ජනතාව අතර දැඩි අප්‍රසාදයට හේතු විය.

නේටෝ සංවිධානය යුක්රේනයට ආයුධ සැපයීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් රුසියා-යුක්රේන ගැටුම සාමකාමීව විසඳා ගන්නා ලෙස පසුගිය සති අන්තයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය යනාදී රටවල ජනතාව ඒකාබද්ධ රැස්වීම් පැවැත්වීමෙන් ඉල්ලා සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම