යටිතල පහසුකම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ චීනය සමඟ ඇති සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවට විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගෙන් ප්‍රකාශයක්
2023-02-28 10:44:09
Share with:

චීනයේ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 110ක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් චීන Communications ඉදි කිරීම් සමාගම නැරඹීමට එක් වෙති. චීනයේ සිටින තානාපතිවරුන් 20ක් ද ඇතුලත් නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (27) එම නැරඹීමට එක් වී ඇත. එහි දී චීනයේ ප්‍රවාහන හා නාගරික යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධන ප්‍රගතීන් පිළිබඳව දැන ගැනීමේ අවස්ථා ඔවුන්ට හිමි විය.

චීනය ආරම්භයේ සිටම සිය උසස් සංවර්ධනය හරහා ලෝකයට නව අවස්ථා නිර්මාණය කළ බව ‍විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ එහි දී ප්‍රකාශ කළහ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා සිදු කෙරෙන ඒකාබද්ධ ඉදිකිරීම් මගින් විවිධ ර‍ටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

යටිතල පහසුකම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ චීනය සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන අතර චීනයේ සමාගම් සමඟ හරිත හා ඩිජිටල් සංවර්ධනය පිළිබඳ සහයෝගීතා ඇති කර ගනිමින් පොදුවේ ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු ප්‍රකාශ කළහ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම