චීන විදේශ ඇමති Qin Gang මහතා G20 විදේශ ඇමති සමුළුවට එක් වෙයි
2023-02-28 18:55:02
Share with:

G20 සභාපති රට වන ඉන්දීය විදේශ ඇමති S. JAISHANKAR මහතාගේ ආරාධනාවකට අනුව, චීන විදේශ ඇමති Qin Gang මහතා ලබන 2වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G20 විදේශ ඇමති සමුළුවට එක්වීමට සූදානම් වෙයි.  

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(28) මේ බව ප්‍රකාශ කරමින් පැවසුවේ, ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන සංසදයක් ලෙස G20, ලෝක ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ඒ ඒ පාර්ශ්වයන් සමඟ, G20 විදේශ ඇමති සමුළුව මගින්, බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීම, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම මෙන්ම, සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි, ධනාත්මක සංඥා යැවීම ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම