චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප්‍රජාතාන්ත්‍රික සාකච්ඡා සමුළුව පවත්වයි
2023-02-28 20:50:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප්‍රජාතාන්ත්‍රික සාකච්ඡා සමුළුව පවත්වයි.

අද(28) පැවති එම සමුළුවේදී පක්ෂ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කෙටුම්පත, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කෙරෙන රාජ්‍ය ආයතනවල නායකයන්ගේ අපේක්ෂක නාම ලැයිස්තුව හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කෙරෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ නායකයන්ගේ අපේක්ෂක නම් ලැයිස්තුව පිළිබඳව චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ වල මධ්‍යම කාරක සභා, චීන ජාතික කර්මාන්ත හා වාණිජ සංගමය හා නිර්පක්ෂික ප්‍රකට පුද්ගලයන් වෙත දැනුම් දෙමින් අදාළ උපදෙස් රැස් කිරීම සිදු කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුව කැඳවමින් පැවසුවේ මෑතකදී සැසිවාර දෙක පැවැත්වෙනු ඇති බවයි. එම සැසිවාර දෙක තුළ රාජ්‍ය ආයතනවල හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ නව නායකයන් තේරී පත් වීම, වැදගත් කාර්යයකි. විවිධ ප්‍රජාතන්ත්‍රික පක්ෂ, කර්මාන්ත හා වාණිජ සංගමය, නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් පක්ෂ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණයේ වැදගත්කම අවබෝධ කර ගනිමින් ඊට අනුබල දී සැසිවාර වල විවිධ කාර්යයන් සාර්ථකව සම්පූර්ණ කිරීමට ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය. විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ වල නියෝජිතයෝ හා නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයෝ එය ස්ථීර ලෙස අනුමත කරමින් පක්ෂ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණය, ප්‍රජාතන්ත්‍රික පක්ෂ ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් හා උපදෙස් එහිදී ඉදිරිපත් ක‍ළහ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම