චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 2වැනි පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරේ
2023-02-28 19:03:56
Share with:

          

          චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 2වැනි පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරේ.

          චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සංවිධාන කළ එම සැසිය පසුගිය 26,27 හා 28 යන දිනයන්හි බෙයිජිං නුවරදී පැවැත්විණ.අද (28) සැසියේ නිවේදනය ඊට එක්වූ සියලු සාමාජිකයන් විසින් අනුමත කර නිකුත් කෙරිණ.

         

          චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එහිදී දේශපාලන කාර්යාංශය වෙනුවෙන් කාර්ය වාර්තාව ඉදිරිපත් කළ අතර “පක්ෂ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කෙටුම්පත”පැහැදිලි කළේ ය. එම කෙටුම්පත පූර්ණ සැසියේදී පූර්ණ සාකච්ඡා කිරීමට ලක් කෙරුණු අතර එය එ‍ළඹෙන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.

           

            චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු,  රටේ පරිපාලන පද්ධතිය හා පරිපාලන හැකියා නවීකරණය වඩාත් පූර්ණ කිරීම සඳහා පක්ෂ හා රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම වැදගත් කාර්යයක් බව ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පක්ෂ මධ්‍යම කාරක සභාව පෙන්වා දී ඇත. එය පක්ෂය හා රට ඓතිහාසික ජයග්‍රහණ අත්කරගැනීම වෙනුවෙන් ප්‍රබල සහතිකයක් ලබා දී තිබෙන බව මෙවර පූර්ණ සැසියේ නිවේදනය සඳහන් කරයි. පසුගිය වසරේ පැවති පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය තවදුරටත් ක්‍රියාවට නංවාලීම වත්මන් කාලයේ හා ඉදිරියේදී පක්ෂයේ ප්‍රමුඛතම දේශපාලන කාර්යය වේ.  අවස්ථා හා අභියෝග පවතින වත්මන් කාලයේ රට වඩාත් සවිමත් කිරීමට ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරමින් සමාජවාදී ආර්ථිකයේ මූලික ක්‍රමය වඩාත් පූර්ණ කළ යුතු බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 2වැනි පූර්ණ සැසියේ නිවේදනය මගින් අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම