චීන සමාගම්වලට ඇමරිකාව සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-02-27 20:14:06
Share with:

රුසියාව සම්බන්ධ සාධක මත ඇමරිනාව චීන සමාගම්වලට එරෙහිව සම්බාධක  පැනවීම චීනයේ දෝෂ දර්ශනයට ලක්වෙයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ඇමරිකානු ක්‍රියාවන්ට ජාත්‍යන්තර නීතියේ පදනමක් නොමැති අතර, මෙය  නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමක්  සහ "දිගු-අත් අධිකරණ බලය" යෙදවීමක් බවයි.

චීනය මේ සම්බන්ධයෙන් සිය  දැඩි විරෝධය පළ කරයි. මේ පිළිබඳව චීනය ඇමරිකාවට බරපතල ප්‍රති විරෝධයක් දක්වනු ඇති බව Mao Ning මහත්මිය සඳහන් ක‍ළා ය.

මේ වන විට ඇමරිකාව යුක්රේනයට ඩොලර් බිලියන 32 කට වැඩි හමුදා ආධාර ලබා දී තිබේ. ගැටුමේ එක් පාර්ශ්වයකට ආයුධ සැපයීමේ සිය උත්සාහයන් තීව්‍ර කරමින් ඇමරිකාව, රුසියාවට චීනයෙන් ආයුධ සැපයීම ගැන නිතර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. එසේම කිසිදු හේතුවක් නොමැතිව චීන සමාගම්වලට සම්බාධක පැනමීමට ද ඇමරිකාව  ක්‍රියා කරයි. මෙය  පැහැදිලිවම හිරිහැර කිරීමක් සහ ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීමක් වන අතර, එය ඉතා කුහක සිතින් යුතුව ගත් පියවරයන් බවද , Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළා ය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම