ගෝලීය ආර්ථික පුනරුත්ථාපනයට මහා පරිමාණ අන්තර් රාජ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් අවශ්‍යයි
2023-02-27 09:34:09
Share with:

ගෝලීය ආර්ථික පුනරුත්ථාපනයට මහා පරිමාණ අන්තර් රාජ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් අවශ්‍ය වී තිබේ. කොරොනා වසංගතය හේතුවෙන් වසර 3ක් වැනි ඉතා දීර්ඝ කාලයක් ගෝලීය ආර්ථිකය අකර්මණ්‍ය තත්ත්වයට පත්විය. එහි ප්‍රථිඵලයක් ලෙසට බොහෝ සංවර්ධනය වෙමින් පවතින කුඩා ආර්ථිකයන් ඇති රටවලට විශාල ලෙස අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මෙම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා මහා පරිමාණ ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍ය බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි.

වර්තමානයේ එලෙස මහ පරිමාණ අන්දමින් ක්‍රියාත්මක කළ හැකි එකම වැඩපිළිවෙල ලෙසට තමන් දකින්නේ චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යැයි ද හෙතෙම කියා සිටී. විශාල ආර්ථික ශක්තියකින් හෙබි චීනයට මෙම වැඩපිළිවෙල හරහා සමස්ත ආර්ථිකයට නව ජීවයක් ලබා දිය හැකිය. එම වැඩපිළිවෙලට සම්බන්ධ වී සිටින රටවල් හා කලාප සංඛ්‍යාව ‍සැලකීමේදී එක් තීරයක් එක් මාවතක් කෙරෙහි ඇති විශ්වසනීයත්වය මනාව පැහැදිලි ය. එවන් විශාල අනුබලයක් යටතේ ඊට සම්බන්ධ පාර්ශවයන්ට පොදු ප්‍රතිලාභයන් සහිතව මෙම වැඩපිළිවෙල ඉදිරියට යාමෙන් වත්මන් ගෝලීය ආ‍ර්ථික අප්‍රාණිකත්වයට නව ජීවයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද බණ්ඩාර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම