ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තියේ සිදු කළ වෙනස්කම්වලට ඔකිනාවා පළාතේ ජනතාවගේ විරෝධය
2023-02-27 10:22:50
Share with:

ජපානයේ නව ආරක්ෂක ප්‍රතිපත්තිය ඔකිනාවා පළාතේ ජනතාවගේ විරෝධයට ලක් වේ.

ජපානයේ ඔකිනාවා පළාතේ පුරවැසි කණ්ඩායම් ඊයේ (26) පස්වරුවේ, පසුගිය දෙසැම්බර් මාසයේ දී ජපාන රජය විසින් සම්මත කරන ලද "ජාතික ආරක්ෂක උපාය මාර්ගයේ" නව අනුවාදය ඇතුළු ආරක්ෂක ප්‍රතිපත්ති ලේඛන තුනට එරෙහිව මහා පරිමාණ විරෝධතා රැලියක් සංවිධානය කළහ. ආරක්ෂක වියදම් වැඩි කිරීම, ඔකිනාවා දූපතේ මිසයිල ස්ථාපිත කිරීම සහ ස්වයං ආරක්ෂක බලකායන් ව්‍යාප්ත කිරීම යන එම ලේඛන තුනේ සඳහන් කරුණුවලට ඔවුන් විරෝධය පළ කර ඇත. ඔවුහු ඔකිනාවාහි ඇමරිකානු හමුදා කඳවුර හරහා දේශීය ජනතාවට ඇති වන විවිධ හිරිහැර සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ අතර සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියහ.

නව ආරක්ෂක ප්‍රතිපත්ති ලේඛන තුන මගින් "විශේෂ ආරක්ෂක-නැඹුරු" මූලධර්මය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්, ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමකාමී සංකල්පය ද සම්පූර්ණයෙන්ම බැහැර කර ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තියේ සිදු කළ වෙනස්කම් සඳහා නේටෝ සංවිධානය මෙන්ම, විශේෂයෙන් ඇමරිකාවේ ද සහය ලැබී ඇති බව සහභාගී වූ බොහෝ පිරිසක් ප්‍රකාශ කළහ. ජපානයේ ස්වයං ආරක්ෂක බලකායන් හරහා නැගෙනහිර ආසියාවේ ඊනියා ක්‍රියාකලාපයන්හි වැඩි භූමිකාවන් ඉටු කර ගැනීමට ඇමරිකාව උත්සාහ කරයි. මෙය ජපානයට ඉතා භයානක වන අතර ජපානයේ සාමවාදී ව්‍යවස්ථාවට මූලික වශයෙන් විරුද්ධ වීමක් බව ඔවුහු පවසති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම